Trending Newsඑසැන පුවත්දේශීය

නීතීඥවරයෙක්ට අධිකරණ නියෝගයක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතීඥවරයෙකුගේ නීතීඥ භාවය වසර 5කට අත්හිටුවීමට නියම කර තිබේ. කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩුවක විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරද පිළිගත් නීතීඥවරයෙක්ට එම නියෝගය කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා කළ පැමිණිල්ලකට අනුව පැවති විභාගයකින් අනතුරුව, මෙම නියෝගය කර තිබේ. අදාළ නීතීඥවරයා, විත්තිකරු වෙනුවෙන් දින තුනක් නොකඩවා අධිකරණය වෙනුවෙන් පෙනී සිට නැති අතර, වගඋත්තරකරු වරදපිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන් බව පැවසේ.

කෙසේ වෙතත් ඔහු නීතීඥ ආචාර ධර්ම කඩවන ආකාරයෙන් කටයුතු කර ඇති බවට විනිසුරුවරුන් තීරණය කර ඇත. එ අනුව අදාළ චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම සහ ඔහුගේ වයස සැලකිල්ලට ගනිමින් ඔහුගේ නීතිඥභාවය වසර පහක කාලයක් අත්හිටුවා තිබේ.

Related posts

Jakarta Governor Ahok found guilty of blasphemy

Mohamed Dilsad

பால்மா மற்றும் சமையல் எரிவாயுவின் விலைகளை அதிகரிக்க தீர்மானம் இல்லை

Mohamed Dilsad

හෙට සිට දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment