Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ගුගල් සමාගමට රුසියාවෙන් දඩයක්

රුසි­යානු රජ­යට අයත් යූ ටියුබ් චැන­ල­ය­කට සීමා පැන­වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ද නඩු විභාගයකින් අනතුරුව රුසියානු අධි­ක­ර­ණ­ය­කින් ගූගල් සමා­ග­මට අමෙ­රි­කානු ඩොලර් ඩෙසි­ලින් 2.5ක හෙවත්, ඩොලර් 20,000,000,000,000,000,000,000,000,000,000,000 දඩ­යක් පනවා ඇතැයි විදෙස් මාධ්‍යවල සඳහන්.

එම දඩ මුදලේ වටිනාකම ඉළ­ක්ක­මින් සඳ­හන් කරද්දී දෙකයි බින්දු 36ක් වන අතර, අගයක් වන අතර, එය සංඛ්‍යත්මකව ප්‍රකාශ කළ ද වාචිකව ප්‍රකාශ කළ නොහැකි ප්‍රමා­ණයේ විශාල අග­ය­කි. එකී දඩ මුදල සමස්ත ලෝක­යේම දළ දේශීය නිෂ්පා­දි­ත­යටත් වැඩි අගයකි.

ගූගල් සමා­ගම ලොව ධන­වත්ම සමා­ග­මක් ලෙස ප්‍රකට වුවද එහි මුළු වටි­නා­කම ඩොලර් ට්‍රිලි­යන 3ක් පමණ වේ. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ මුළු වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් ට්‍රිලි­යන 110ක් වේ. මෙකී නඩු තීන්දුව පිළි­බඳ ගූගල් සමා­ගම මෙතෙක් කිසිදු ප්‍රති­චා­ර­යක් දක්වා නැති බවද විදේස් මාධ්‍ය සඳහන් කරයි.

.

Related posts

ரயன் ஜயலத்தை கைது செய்ய உத்தரவு

Mohamed Dilsad

IDH රෝහලේ සිටින චීන ජාතිකයන්ට කොරෝනා වැළඳී නැහැ

Mohamed Dilsad

ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවියට අලුත් සමාගම්

Mohamed Dilsad

Leave a Comment