Trending Newsඑසැන පුවත්දේශීය

ඩග්ලස් දේවානන්දගේ ඊපීඩීපී සංවිධානය ආණ්ඩුවට සහයදීමට තීරණය කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කර ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා සඳහන් කර ඇත, මේ පිළිබඳව ජනාධිපති අනුර දිසානායක මහතා සමග ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසක් සාකච්ඡා කළ බවද හෙතෙම කියයි.

උතුරු නැගෙනහිර පළාත්වල දැනට අතරමග නතරවී ඇති සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විසි පහක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවද හෙතෙම සඳහන් කරයි. අදාළ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද හෙතෙම කීවේය.

ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු හා ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩසටහන් යළි ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

ඇඟලුම් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයට රජයෙන් නිසි පියවර

Mohamed Dilsad

Reopening of schools and Universities postponed

Mohamed Dilsad

Ten dead in Texas high school shooting

Mohamed Dilsad

Leave a Comment