Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ජනාධිපතිවරයා ජනතාවට බොරු කියන, රටටම විහිලු සපයන්නෙක් වෙලා – සජිත් ප්‍රේමදාස

මැතිවරණ වේදිකාවල, රටේ ජනතාවට පොරොන්දු ලබා දෙමින් ජනතාවගේ අපේක්ෂා ඉහළටම ඔසවා තබා ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමඟ ජනතාවට ලබා දුන් සියලු බලාපොරොත්තු කඩ වුණු යුගයක් උදා වී ඇති බවත් නිර්ධන පන්තිය නියෝජනය කරන සාමාන්‍ය ජනතාව නියෝජනය කරන පොඩි මිනිසාට සේවය කරනවා යැයි කියා ජනතාවගේ කරපිටින් පත් වූ රටේ ජනාධිපතිවරයා, ජනතාවට ලබා දුන් ඒ අහිංසක බලාපොරොත්තු ටික දිනෙන් දින කඩ කරමින් සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ උතුරු කොළඹ පැවැති ජන හමුවක් අමතමිනි.

විදුලි බිල අඩු කිරිම, අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කරනවා යැයි පැවසීම, පාස්පෝට් පෝලිමට විසදුම් ලබා දෙනවා, වැට් ඇතුළු බදු අඩු කරනවා, ඉන්දන මිල අඩු කරනවා යැයි කිව්වත් ඒ කිසිවක් නොකළ බවත් මේ දේවල් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන බවත් විධායක ජනාධිපතිවරයාගේ නියමයෙන් ඒවා කිරීමේ හැකියාව තිබියදී ඒ කිසිවක් නොකරමින් සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මුසාවෙන් මුලාවෙන් ජනතාව මුලා කරමින් සිටිනවා. තවද අද වන විට අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු පොල් ගෙඩිවල මිල පවා ඉහළ ගොස් පොල් පෝලිම් පවා ඇතිව තිබෙන බවත් මුසාවෙන් මුලාවෙන් ජනතාව මුලා කරමින් සිටින බවත් දිනපු හැටියේ තෙල් මිල සූත්‍රය අහෝසි කරනවා යැයි කියපු වත්මන් ජනාධිපතිවරයා මේ වන විට තෙල් මිල සූත්‍රයේ වහලෙක් බවට පත්ව ඇති බවත් තෙල් අඩු කළත් අඩු කර ඇත්තේ ධනපති වාහන භාවිත කරන තෙල් බවත් සාමාන්‍ය ජනතාව භාවිත කරන තෙල් මිල අඩු කරන්න නොහැකි වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

වත්මන් ජනාධිපතිවරයා අයි එම් එෆ් එක ගැන වැඳ වැටිලා. එසේම වත්මන් ජනාධිපතිවරයා අයි එම් එෆ් එක ගැන වැඳ වැටී ඇති බවත් රට ගැන අයි එම් එෆ් එක කරන සමාලෝචනය පවා කල් ගොස් ඇති බවත් මේ ආකාරයට නම් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් මේ බොරුව හා රැවටිල්ල ඉදිරියේ අනාථ වී සිටින ජනතාව මෙවර හෝ නිවැරදි හොඳ තීන්දුවක් ගත යුතු බවත් සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් එවිට ජනතාවගේ හිසමත කරමත පැටවී ඇති බර අඩු කරන්න නව අයි එම් එෆ් ගිවිසුමක් ගෙන ආ හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා ජනතාවට බොරු කියමින්, කියන, රටටම විහිලු සපයන්නෙක් වෙලා. මෙවැනි පාලනයක් රටට අවශ්‍ය නොවන බවත් ජන දුක තේරෙන ජනතාවගේ දුක නිවාලම රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන රාජ්‍ය පාලනයක් රටට අවශ්‍ය බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

யொவுன்புர இளையோர் முகாம்

Mohamed Dilsad

Sato becomes first Japanese to win Indy 500

Mohamed Dilsad

Navy crowned Dialog Rugby Inter Club 7’s champions for the first time

Mohamed Dilsad

Leave a Comment