Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග 2024 සඳහා අද (05) සිට මාර්ගගත (ඔන්ලයින් ) ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අද (05) සිට නොවැම්බර් 30 දක්වා අයදුම්පත් යොමුකළ හැකිය.

සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස. (සා. පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළ යුතුය. ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිපත් කළ යුතුයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් අවබෝධ කරගෙන නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0112784208 0112784537 / 0112785922 හෝ gceolexamsl@gmail.com යන විද්‍යුත් තැපෑල මගින් වීමසීම් කළ හැකි ය.

Related posts

කැලණි ග⁣⁣ඟේ ජලමට්ටම තවදුරටත් ඉහළට

Editor O

Case Against Dep. Min.Ranjan Ramanayake’s to be taken up in December

Mohamed Dilsad

Sri Lankan maid in Kuwait faces charges of manslaughter

Mohamed Dilsad

Leave a Comment