Trending Newsඑසැන පුවත්දේශීය

රූබෙල්ලා සහ සරම්ප එන්නත් වැඩ සටහනේ පළමු දින 05 තුළ නිවාස 90,000ක් ආයතන 2,000ක් ආවරණය කරයි

විශේෂ සරම්ප,රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය ක්‍රියාත්මක වු පසු ගිය දින 5 තුළ නිවාස 90,000 ක් සහ ආයතන 2000 කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කර ඇත‍ි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කරයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවට හඳුනාගත් තරුණ තරුණියන් හට සරම්ප එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

කොළඹ, තලංගම ප්‍රාදේශීය රෝහලේ ක්‍රියාත්මක සරමිප එන්නත් සායන මස්ධ්‍යස්ථානය සහ කොළඹ 5 කිරුළ මාතෘ නිවාසයේ සායන මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක සරමිප එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නිරීක්ෂණය කළේය.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදලේ (යුනිසෙෆ්) මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් ද සහභාගී වූහ. මෙම විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙල දිස්ත්‍රික්ක 12ක් සහ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 206 ක ඉදිරි සෙනසුරාදා දින 4 ක් තුළ ද ක්‍රියාත්මක කෙරේ. සරම්ප එන්නත ලබාගෙන නොමැති වයස අවුරුදු 09 සිට 15 දක්වා දරුවන් වෙත ද මෙහි දී සරම්ප එන්නත ලබාගත හැකි බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Related posts

Talks between President and Premier held

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ටත් කොවිඩ්

Mohamed Dilsad

Petroleum Trade Unions, Prime Minister to hold discussion tomorrow

Mohamed Dilsad

Leave a Comment