Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ පුහුණුවක්

පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා යොදා සිටින පොලිස් නිලධාරීන් අතරින් සියයට හැත්තෑවකට අධික පිරිසක් වසර ගණනාවක් වෙඩි තබා නැති බවත්, එම නිලධාරීන් බහුතරයකට වෙඩි තැබීමේ පුහුණුවක් ලබාදී ඇතැයි සඳහන්.

කළුතර, කටුකුරුන්ද ඇතුළු පොලිස් ස්ථාන වලදී අදාළ පුහුණුවීම් ලබාදී ඇති බවත් වෙඩි තැබීමේ ඇති හැකියාව තවත් දියුණු කිරීම වෙනුවෙන් මෙම පුහුණුව ලබාදී තිබේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් පොලිසියේ නිලධාරීන් හැට තුන් දහසක් ඍජුවම යොදවන බවත් සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් දස දහස් පන්සියයක් ද රාජකාරි සඳහා එක්කර ගැනීමටත් පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන 14 වැනිදා ඡන්ද මධ්‍යස්ථාන දහතුන් දහස් හාරසිය විසි එකක සිදුවන අතර ඒ සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහාම පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන බව මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට පැවැසීය.

මැතිවරණ ආරක්ෂක කටයුතු මෙහෙයවීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පොලිස් මූලස්ථානයේ වෙනම මධ්‍යස්ථානයක් ද සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ පළාත් සම්බන්ධීකරණ හා මෙහෙයුම් මධ්‍යස්ථාන නවයක්ද ස්ථාපිත කෙරෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට සඳහන් කළේය.

එසේම පොලිස් ආරක්ෂාව යොදවා තිබූ ජනජීවිතයට බලපෑම් ඇති කරන මර්මස්ථාන සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් යොදවන බවත්, එම ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් මැතිවරණ කටයුතු සඳහා එක්කර ගන්නා බවත් කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සෑම පොලිස් ස්ථානයකටම ආසන්න හමුදා කඳවුරුවලට යුද හමුදා කණ්ඩායම් ද හදිසි රාජකාරි සඳහා යොදවා තිබෙන බවද කියා සිටියේය.

එසේම මැතිවරණ දිස්ත්‍රික් 22 ම ආවරණය වන පරිදි පොලිසියේ හා විශේෂ කාර්ය බළකායේ ජංගම මුර සංචාර තුන්දහස් එකසිය නවයක් යොදවන බවත් සහකාර පොලිස් අධිකාරිවරුන් 197 දෙනකුගේ ඍජු අධීක්ෂණය මත එම ක්‍රියාමාර්ගය ගන්නා බවත් සෑම පොලිස් කොට්ඨාසයක් සඳහාම කැරලි මර්දන කණ්ඩායම් යොදවා තිබෙන බවත් හෙතෙම පැවසීය.

මීට අමතරව මැතිවරණයේදී ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සහ පොලිස් නිලධාරීන් ප්‍රවාහනය කිරීම සඳහා වාහන තුන්දහස් එකසිය නවයක් ලබා ගන්නා බවත් එම වාහන 12 වැනිදා සවස භාර ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

එසේම මැතිවරණ කාලයේදී හෝ පශ්චාත් මැතිවරණ කාලය තුළ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හෝ මැතිවරණයට බාධා කිරීම් කරන පුද්ගලයන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බවත් පාලනය කරගත නොහැකි තත්ත්වයන් වලදී වෙඩි තැබීමට පවා පොලිසියට උපදෙස් දී තිබෙන බවත් කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මේ වන තෙක් මැතිවරණ ක්‍රියාවලියට බාධාවන ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවෙතැයි තොරතුරු වාර්තාවී නැති බවද පැවසීය.

Related posts

වාස් ගුණවර්ධනටත් කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

Thondaman resigns from Chairmanship of Nuwara Eliya District Development Committee

Mohamed Dilsad

නැවේ ගින්නට හේතුව XPress Pearl නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා හෙලිකරයි

Mohamed Dilsad

Leave a Comment