Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පරාටේ නීතිය නිසා ගැටළුවලට මුහුණදුන් 127ක් දිවි නසාගෙන

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට පියවර නොගතහොත් එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසිදාහකගේ පමණ දේපොළ අවදානමට ලක්ව විශාල ජීවිත හානියක් විය හැකි බවත්, පරාටේ නීතියෙන් දේපොළ අහිමි ව්‍යවසායකයන් 127 ක් සියදිවි හානිකරගෙන ඇති බවත් දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානය සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ආර්ථික කමිටු උපදේශකවරුන් සමග පැවැති සාකච්ඡා කිහිපයකදී ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල්දමන ලෙස ඉල්ලා තිබේ. පරාටේ නීතිය ක්‍රියාත්මක කරමින් බැංකු හා මූල්‍ය ආයතන මගින් නිවාස ඇතුළු දේපොළ දෙදහසක් පමණ පවරාගෙන තිබිණි.

පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතයේ බලපෑම මත පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවා ව්‍යවසායකයන් ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමකින් තීරණය කෙරිණි. ඒ අනුව 2024 දෙසැම්බර් 15 වැනිදා තෙක් පරාටේ නීතිය අත්හිටුවනු ලැබිණි. යම් දේපොළක් බැංකුවට උකස්කර ණය මුදලක් ලබාගත් පසු, ණය මුදල හා පොලිය ගෙවීමට නොහැකි වුවහොත් අධිකරණ ක්‍රියාවලියකින් තොරව එය අයකර ගැනීම සඳහා දේපොළ අත්පත් කර ගැනීම හා විකිණීමට පරාටේ නීතියෙන් අවසර තිබේ. මේ හේතුවෙන් පෞද්ගලික රෝහලක් පවා වෙන්දේසි කර ණය පියවා ගැනීමට බැංකු ආයතන පියවර ගැනීමත් සමග පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට පසුගිය රජය කටයුතු කළේය

Related posts

මල්වතු මහානායක හිමිගෙන්, ශිරන්ති රාජපක්ෂට අදාළව නිවේදනයක්

Editor O

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැත

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment