ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟවල වැඩිම ලකුණු එකතුව ඇති ශ්‍රී ලංකා පිතිකරුවා බවට කුසල් ජනිත් පෙරේරා පත්විය. නවසීලන්තයට එරෙහිව පැවති පළමු ව්ස්සයි විස්ස තරගයේ රැස් කළ ලකුණු 23 සමග, ඔහු 20-20 තරඟවල ලකුණු 1901ක් රැස්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් 20-20 ලකුණු හිමිකරුවා බවට කුසල් ජනිත් පෙරේරා පත්විය. දෙවෙනි තැන සිටින්නේ ලකුණු 1889ක් ලබා සිටින තිලකරත්න ඩිල්ෂාන්ය.