Trending Newsඑසැන පුවත්දේශීය

යානාවල තාක්ෂණික ගැටළු හේතුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කරයි.

ගුවන්යාන කිහිපය බලපෑ තාක්ෂණික ගැටළු හේතුවෙන් ගුවන් වාර කිහිපයක් අවලංගු කර ඇති බවත්, ඒ පිළිබඳව මගීන්ගෙන් සමාව අයදින බව ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහන් කරයි.

ගුවන් යානා කීපයකට බලපෑ තාක්ෂණික දෝෂ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කරතිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, සෑම අවස්ථාවකදීම මගී ආරක්ෂාව ඉහළම ප්‍රමුඛතාවය ලෙස සලකන බවයි. මෙම ගැටලු නිරාකරණය කර සාමාන්‍ය මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බවද ගුවන් සමාගම සඳහන් කරයි.

ගුවන් මගීන්ට සිදු වූ අපහසුතාවය පිළිබඳව අපි සමාව අයදින අතරම ගනුදෙනුකරුවන්ගේ ඉවසීම අගය කරන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි. ගුවන් ගමන් වාර අවලංගුවී‌ම හේතුවෙන් අපහසුතාවයට පත් වූ මගීන්ට අවශ්‍ය වූ ආහාර සහ නවාතැන් පහසුකම් සපයා ඇතැයි ගුවන් සමාගම සඳහන් කරයි.

සියලු දෙනාම ඔවුන්ගේ අවසන් ගමනාන්ත වෙත රැගෙන යාමට කඩිනමින් කටයුතු කරන බවද ගුවන් සමාගම සඳහන්.

Related posts

හජ් උත්සවය සැමරීම අගෝස්තු 01 වනදා

Mohamed Dilsad

නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව ගැන රන්ජන් ගෙන් FCID යට පැමිණිල්ලක්.

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ

Mohamed Dilsad

Leave a Comment