වත්මන් ආණ්ඩුව ගැන ජනතාව ඇති විශ්වාසය දිනෙන් දින අඩුවෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.
සමස්ත ලංකා මහජන කොංග්‍රසය වෙනුවෙන් සමගි ජන බලවේගයෙන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් තරඟ කරන අපේක්ෂක වෛද්යාර් හිල්මි මහරුබ් මහතාට සහය පළ කරමින් කින්නියා ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක රැස්වීමකදී රිෂාඩ් බදියුදීන් මහතා එම අදහස් පළ කළේය.
වන්නි දිස්ත්‍රික් අපේක්ෂක රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ ද කීවේය. වත්මන් ආණ්ඩුව ගැන මහජනතාවට විශ්වාසයක් නැහැ. ජනතාව සමගි ජන බලවේගය වටා එකතු වෙමින් ඉන්නවා. සමගි ජන බලවේගයෙන් උගත් සහ දක්ෂ පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා සිටිනවා. මා අමාත්‍යවරයෙක් ව සිටි කාලයේ මේ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් හැකි උපරීම සේවයක් කළා. යුද්ධයෙන් අවතැන්වෙලා ඉදපු ජනතාව නැවත පදිංචි කිරීම් කරද්දී යම් යම් පාර්ශ්වයන් අපට බාධා කළා. ඇතැම් අය අපට විරුද්ධව නඩු දැම්මා, හිරේ දැම්මා. ඒ කිසිවකින් නොසැලී මහජනතාව වෙනුවෙන් අඛණ්ඩව සේවය කරනවා. හැමදාම ජනතාව සමග සමීපව ඉන්න මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන්න කියන ඉල්ලීම කරනවා. නොදන්නා අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට යවන්න එපා. ඔබ සියලු දෙනා දන්නා, නිරතුරුව ජනතාව සමග කටයුතු කරමින් රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන අය පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන්න කියලා ඉල්ලීමක් කරනවා යැයි ද කීවේය.