Trending Newsඑසැන පුවත්දේශීය

ගිනි අවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා නිකුත් කර ඇති ගිනි අවි දෙසැම්බර් 30ට පෙර ළඟම පොලිසියට භාර දෙන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය දන්වා සිටී.

ගිනිඅවි ලබාදුන් පුද්ගලයින්ගේ නාමලේඛන පොලීසියට ලබාදී ඇති බවත් එම නාමලේඛනයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිනිඅවි පොලීසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දුන් බව ද, අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් කරනු ලබන විමසිම් සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසත්, තවද දැනටමත් එම ලේඛනයේ නම් සඳහන් පුද්ගලයින් ගිනිඅවි රජයට භාරදී ඇත්නම් ඒ පිළිබඳව සනාථ කරන ලේඛන පොලිස් නිලධාරීන්ට ලබාදීමෙන් සහයෝගය ලබාදෙන ලෙසත් ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම්දෙනවා.

Related posts

அமைச்சுப் பதவிகளை ஏற்கப் போவதில்லை என முஸ்லிம் காங்கிரஸ் தீர்மானம்

Mohamed Dilsad

CID Director lodges complaint against lawyer Manoj Gamage

Mohamed Dilsad

எந்த மாற்றம் செய்தாலும் நாட்டை கட்டியெழுப்ப இந்த அரசாங்கத்தால் முடியாது

Mohamed Dilsad

Leave a Comment