විදෙස්

මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශණයේ පිපිරීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට(වීඩියෝව)

(උදයම්,එංගලන්තය)  –  එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශණයක් අතර සිදුවු පිපිරීමකින් පුද්ගලයන් 22 නෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

55 දෙනෙකු පමණ පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කළේය.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව එංගලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශකර ඇත.

මෙය මරාගෙන  මැරෙන පිපිරීමක් බවට ද වාර්තා පළවී තිබෙනවා.

පිපිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර එම ප්‍රදේශයෙන් ජනතාව ආරක්ෂිතව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ සමග මැන්චෙස්ටර් නුවර වික්ටෝරියා දුම්රිය ස්ථානය ද වසා දමා ඇති අතර දුම්රිය ගමන් ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තාවේ.

Related posts

අන්තර්ජාලයෙන් ලිංගික ජාවාරමක නිරත වූ අයෙක් වසර 40 බන්ධනාගාරයට

Mohamed Dilsad

ඊශ්‍රායලයෙන් බෝම්බ 6000ක්

Mohamed Dilsad

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන් -1 නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment