Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුගේ වාර්තා බිඳ දැමූ හරිනි අමරසූරිය

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී, එක් අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වූ 655,289 ක්, ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ හරිනි අමරසූරිය මහත්මිය ලබාගෙන තිබේ.

මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගත් මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතායි.ඒ මහතා, 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙමින්,  මනාප 527,364ක්. ලබාගෙන තිබිණ. ඊට පෙර, 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා මනාප 500,566ක් ලබාගෙන තිබිණ.

රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැතිවරයෙක් ලෙස සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස දීර්ඝ කාලයක් කටයුතු කිරීමෙන් පසු ලක්ෂ 05 ඉක්මවා මනාප ලබා ගත් අතර, තිස් වසරක යුද්ධයක් අවසන් කළ රාජ්‍ය නායකයෙක් ලෙස සහ දෙවරක් රටේ ජනාධිපති ලෙස පත්වීමෙන් පසු එම මනාප වාර්තාවට මහින්ද රාජපක්ෂ මහතා හිමිකම් කියූ අතර, හරිනි අමරසූරිය මහත්මය එකී මනාප වාර්තා බිඳ දැමුවේ රටේ අගමැති ලෙස මාස 02ක ටත් අඩු කාලයක් කටයුතු කිරීමෙන් පසු ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් වීම විශේෂත්වයකි.

Related posts

Too early to predict impact of Easter attacks-CBSL Govenor

Mohamed Dilsad

NPC Recommendations: Police Commission calls explanation from IGP

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment