Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ පෞද්ගලික පංති 19දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර තිබේ. ඒ පසුගිය කාලසීමාව තුළ මතුවූ ගැටලු මුල් කරගනිමිනි. මෙවර උසස් පෙළ විභාගය, ලබන 25 දා සිට දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වීමට සූදානම් කර තිබේ. විභාග මධ්‍යස්ථාන 2,312 ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 කදී විභාගය පැවැත්වෙනු ඇත. .

මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, තුන්ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූතුනක් බව සඳහන්. ඒ අතරට පාසල් අයදුම්කරුවන්, දෙලක්ෂ පනස්තුන්දහස් තුන්සිය අනූවක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්.

Related posts

Trump Administration launches vehicle import probe

Mohamed Dilsad

Deputy Prime Minister of Serbia to visit Sri Lanka this week

Mohamed Dilsad

நாட்டு மக்களுக்கு தமது கொள்கைகளை விளக்கவுள்ள சஜித், கோட்டாபய, அநுரகுமார

Mohamed Dilsad

Leave a Comment