Trending Newsඑසැන පුවත්දේශීය

හර්ෂ ට ලොකු තනතුරක් ලැබෙයිද ..?

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද දරුණු පරාජයත් සමග සමගි ජන බලවේගයේ ප්‍රබල වෙනසක් අවශ්‍ය බවට මතවාදයක් පක්ෂය තුළ ගොඩනැගී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ මේ වනවිට ජනාධිපතිවරණ දෙකක් සහ පාර්ලිමේන්තු මැතිවරණ දෙකක් පරාජයට පත්ව ඇති අතර එම මහමැතිවරණ දෙකේදීම ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක බලයක් හිමිවීම වළක්වා ගැනීමට හෝ සජබ අසමත් වීම කෙරෙහි පක්ෂයේ බොහෝ අයගේ අවධානය යොමුව ඇති බව සඳහන්.

එසේම සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකවරයා වශයෙන් ස්ථාවර නියෝග අංක 27/2 යටතේ ආණ්ඩු පක්ෂයට ප්‍රශ්න 150ක් ඉදිරිපත් කරමින් උද්‍යෝගමත් ලෙස කටයුතු කළත් එය ජනතාවගේ ආකර්ෂණයට හේතුවී නොමැතිය යන්න ඔවුන්ගේ අදහස වී තිබේ.

සාම්ප්‍රදායික දේශපාලනය සහමුලින්ම ප්‍රතික්ෂේප කරමින් වාමාංශික ආණ්ඩුවක් බිහිකර, ඊට තුනෙන් දෙකකටත් අධික බලයක් ලබාදී ඇති අවස්ථාවක ප්‍රධාන විපක්ෂය වශයෙන් සමගි ජන බලවේගයද ප්‍රබල වෙනසක් ජනතාවට පෙන්නුම් කළ යුතුය යන යෝජනා පක්ෂ ක්‍රියාකාරිකයන්ගෙන් මතුව ඇතැයි සඳහන්.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටියදී විපක්ෂ නායක ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබාදිය යුතු බවට දැඩි මතයක් පක්ෂය තුළින් පැමිණ ඇති බවද සඳහන්. හර්ෂ ද සිල්වා මහතා පක්ෂයේ සිටින ජනප්‍රිය මෙන්ම උගත්, බුද්ධිමත්, විදෙස් අත්දැකීම් ද සහිත නායකයකු බැවින් මේ මොහොතේ විපක්ෂයට නායකත්වය දීමට ඔහු සුදුසු බවට යෝජනාව ඉදිරිපත්ව ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. එම යෝජනාවට බහුතරයකගේ කැමැත්ත පළවී ඇතැයි ද සඳහන්.

එමයෝජනා ඉදිරිපත් වුණද, ඒ පිළිබඳව නිල වශයෙන් සාකච්ඡාවී ඇති බවට මෙතෙක් වාර්තාවී නැත.

Related posts

Showery condition expected to enhance – Met. Department

Mohamed Dilsad

England call up Pope, Woakes to replace Malan, Stokes for India test

Mohamed Dilsad

MORE JAIL TIME FOR SOUTH KOREA EX-PRESIDENT PARK GEUN-HYE

Mohamed Dilsad

Leave a Comment