පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම මෙම මස 27දා දී යළි රැස්වීමට නියමිතව තිබේ. එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව අධිකරණ නියෝගය අනුව කඩිනමින් එම මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡා කරනු ඇත.
එමෙන්ම, පැවැත්වීමට යෝජිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා වන මුල්‍ය අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.