Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු පළවා හරින්නේත් ජනතාවයි – පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් රට වෙනුවෙන් යුතුකම් ඉටු කරනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

කවුරු රට පාලනය කළද, රට සංවර්ධනය කරා රැගෙන යාම පාලකයාගේ වගකීම බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ අනුරාධපුර ජය ශ්‍රී මහබෝධින් වහන්සේ හා රුවන්වැලිසෑය වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අද (20) අදහස් දක්වමිනි.

වැඩිදුටරත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. මේ රට ඉදිරියට යා යුතුයි ඒ සම්බන්ධයෙන් වත්මන් රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අපි වඩා සැලකිල්ලෙන් බලා ඉන්නවා.. ඒ සියල්ල ජනතා හිතවාදි විය යුතුයි.. ජනතාවට එරෙහිව සිදුවන කිසිම ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අපි නිහඬව ඉන්නේ නෑ.. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තුළදීත්, ඉන් පිටතදීත් අපි අවශ්‍ය කටයුතු සිදු කරනවා.. එදා ජනතා විමුක්ති පෙරමුණ කළා වගේ කඩාකප්පල්කාරී වැඩ අපි කවදාවත් කරන්නේ නෑ.. මේ පාර්ලිමේන්තුව ජනාධිපතිගේවත්, මගේවත්, මහින්ද රාජපක්ෂගෙවත්, හේෂාගෙවත් නෙවෙයි.. මේක පොදු ජනතාවගේ උත්තරීතර පාර්ලිමේන්තුව.. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් එදා ඉඳන් පැවතුණා.. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් බිඳ වැටුණොත් ඒක ප්‍රබල ගැටළුවක් බවට පත්වෙන්න පුළුවන්.. එතුමන්ලා පාර්ලිමේන්තුවේදී පසුගිය කාලේ කෑ ගැහුවා පොහොර සහනාධාරය ගැන.. හැබැයි දැන් ඒ අයට කලට වෙලාවට පොහොර ටික දෙන්න බැරිවෙලා.. කරුණාකරලා, ගොවීන්ට අවශ්‍ය පොහොර ටික නිසි වෙලාවට දෙන්න.. රටක ආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු පළවා හරින්නේත් ජනතාවයි.. ඒ නිසා අපි අපේ පක්ෂයේ ප්‍රතිපත්ති තුළ ඉඳිමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා.. අපේ පක්ෂයත් අපේ සාමාජිකයනුත් අවස්ථාවාදයට කිසිම අවස්ථාවක ප්‍රතිපත්ති වෙනස් කරලා නෑ.. අපි ඒ සියලු ප්‍රතිපත්ති ජනතාව වෙනුවෙන් සුරකිමින් ඉදිරියටත් යනවා.. ආණ්ඩුවේ යහපත් දෙයට අපි කිසිසේත් අකුල් හෙළන්නේ නෑ.. අපි ඒ සඳහා සහයෝගය දිය යුතුයි.. ඒ රට වෙනුවෙන් ඒක කරන්න ඕනේ.. හැබැයි අපි පාර්ලිමේන්තුවේ ප්‍රබල විපක්ෂයක් වශයෙන් කටයුතු කරනවා.. අපි දන්නවා ඉතිහාසයේ පාර්ලිමේන්තු විපක්‍යෂ කටයුතු කළේ කොහොමද කියලා.. ඒවා ආණ්ඩුවෙි විපක්ෂ බවට පත්වෙලා තිබුණා.. නමුත් අපි මෙවර පැහැදිලිව විපක්ෂයේ කාර්ය භාරය ඉටු කරනවා.. ඉදිරියේදී පැවැත්වෙන සියලු මැතිවරණවලට අපි ඉතා මනා ලෙස සංවිධානය වී සෑම මැතිවරණයක් සඳහාම ඉදිරිපත් වෙනවා.”

Related posts

Suspect injured after being shot at by Army dies

Mohamed Dilsad

வளிமண்டலத்தில் ஏற்பட்டுள்ள தாழமுக்கம் : தொடரும் மழை

Mohamed Dilsad

දරුවන් ගැන පරිස්සමින්

Mohamed Dilsad

Leave a Comment