Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු නිලධාරියෙක් සමග වාදයක පැටලුණ මන්ත්‍රීවරයාගේ ධූරය, නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වෙයිද..?

දසවන පාර්ලිමේන්තුව ඊයේ (21) ආරම්භ වූ අවස්ථාවේ එහි විපක්ෂ නායක අසුනේ අසුන්ගෙන, පාර්ලිමේන්තු නිලධාරියකු වචන හුවමාරුවක පැටලුණු යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුන් රාමනාදන් මන්ත්‍රී ධුරය අහෝසි වීමේ අවධානමක් ඇතැයි නීතිවේදීන් පෙන්වා දෙති.

ඔහු, වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් සේවය කරමින්ම සිටියදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලෙස දිවුරුම් දී ඇති බවත්, එය රටේ නීතීය උල්ලංඝනය කිරීමක් බවද නීතිවේදීන් පෙන්වා දෙති. මෙරට නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජයේ රැකියාවක නියැලෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකිය.

මෙම තත්ත්වය මත ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති අතර මෙය ඉදිරියේදී නීතිමය නීතිය හමුවේ අභියෝගයකට ලක්වනු ඇති බවද දෙමළ මාධ්‍ය පුවත්පත් වාර්තා කරයි.

මීට පෙර රාජිත සේනාරත්න මහතාද සිය වෘත්තියකින් ඉවත් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම නිසා ධූරයෙන් ඉවත් කර ඇත.

Related posts

President, former President mourns death of veteran Indian politician Karunanidhi

Mohamed Dilsad

Prime Minister’s Office refutes news on IGP

Mohamed Dilsad

ණය ගැනීමෙන් පසුගිය සියලු ආණ්ඩු පරාද කරාවි – ආචර්යය හර්ෂ ද සිල්වා

Editor O

Leave a Comment