Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී ධූරය ලබා ගත් විදිය රවී කරුණානායක කියයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකින් තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ මුලින් ඇති කරගත් එකඟතාවය අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි. ඒ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැන සිටි බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.

ගිවිසුම සම්බන්ධයෙන් දන්නා නිසා රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව කතා නොකරන බවත් පවසන ඔහු දිගටම තමා පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය. තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත‍්‍රී ධුරයකට පත්වීම සුළු පිරිසක් අකමැති වුවද සියයට 99%ක් කැමති බවද හෙතෙම කියා සිටියි. තලතා අතුකෝරල මහත්මියට මෙම මන්ත්‍රී ධුරය ලබා දීමට ඇතැමුන් කථා කළත් ඇය පක්ෂය මාරු කළ තැනැත්තියක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

විදෙස්ගතව සිට නිරෝධායනය අවසන් කළ මගීන්ට නිවේදනයක්

Mohamed Dilsad

හිටපු ජනපති මෛත්‍රී ජනපති කොමිසමට

Mohamed Dilsad

ජල ගැලීම්වලින් හානි වූ කුඹුරුවලට ගෙවන රුපියල් 40,000 වන්දිය, කුඹුරු සීසාන්නවත් ප්‍රමාණවත් නැහැ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර

Editor O

Leave a Comment