Trending Newsඑසැන පුවත්දේශීය

අස්වැසුමෙන්, හිත රිදුන අයට අස්වැසුමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම්පත් ලබා දීමට අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ. අස්වැසුම පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් තැනැත්තන් සඳහා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමටද අවස්ථාව ලබා දී ඇත.

අස්වැසුම දෙවන අදියරේ නිවසට පැමිණ තොරතුරු එකතු කිරීමේ සංගණනය ලබන මස දෙවන සතියේ සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ. ඒ අනුව ඊට පෙර අස්වැසුම සඳහා මෙතෙක් අයැදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් අනිද්දා සිට ලබන මස 02 වැනිදා දක්වා කාලය තුළ නියමිත අයැදුම්පත්‍රය සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතුය.

අයැදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය. මීට අමතරව පළමු අදියරට අයැදුම් කළ තැනැත්තන්ට ගැටලු හෝ දුක්ගැනවිලි ඇත්නම් එයද ඊට අදාළ අයැදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබාගෙන සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යලයට භාර දිය යුතුයි.

අනිද්දා සිට ලබන මස 15 වනදා දක්වා මේ සඳහා අවස්ථාව හිමිවන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළේ ය. අස්වැසුම දෙවන අදියර සඳහා ලැබී ඇති අයැදුම්පත්‍ර සංඛ්‍යාව 455,000ක් වන අතර පළමු අදියර යටතේ පුද්ගලයින් දාහත් ලක්ෂකට සුබ සාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සිදු කරනු ලබයි. මේ අතර, අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අයත් වැඩිහිටියන්ගේ දීමනාව අස්වැසුම බැංකු ගිණුමට බැරකිරීමට පියවර ගෙන ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ, එම පවුල් වලට අයත් වයස අවුරුදු 70 ට වැඩි, පුද්ගලයින්ගේ මේ මාසයට අදාල රුපියල් තුන් දහසක වැඩිහිටි දීමනාව අස්වැසුම බැංකු ගිණුමට මගින් ලබාගත හැකි බවයි. පුද්ගලයින් පන් ලක්ෂ එකලොස් දහස් අසූ හයකට අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ දීමනාව හිමිවන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ ය.

Related posts

Sri Lanka and South Africa sign MoU for cooperation in science and technology

Mohamed Dilsad

ஆசிரியர்கள், அதிபர்கள் சுகயீன விடுமுறைப் போராட்டத்திற்கு ஆயத்தம்

Mohamed Dilsad

கரீனா கபூரின் குழந்தையை கவனிக்கும் பெண்ணுக்கு இவ்வளவு சம்பளமா?

Mohamed Dilsad

Leave a Comment