Trending Newsඑසැන පුවත්දේශීය

මුකුත් නැති නිධානය

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා, අධිකරණ නියෝගයකට අනුව දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අදබ(23) පස්වරු 4ට අවසන් කළ බව වේයන්ගොඩ පොලීසිය කියයි.

රාජ්‍ය ආයතන රැසක් එක්ව සිදුකළ කැණිමේදී කිසිදු නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කිසිවක් හමුවී නැත. වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශය හරහා ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ නිධානයක් ඇතැයි පැතිරෙන කටකතා හමුවේ පසුගිය සමයේ විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව මෙහි කැණීම් කටයුතු සිදුකර තිබිණ.

මීට ඉහත දි අවස්ථා කිහිපයකදී මෙම ස්ථානයේ නීති විරෝධීව කැණීම් කළ කණ්ඩායම් කිහිපයක්, පොලිස් අත්අඩංගුවට ගෙන තිබින, එම පිරිස් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණත් නැවත නැවතත් එම ස්ථානයේ නිධානය සොයා හෑරීම් සිදුවීම හේතුවෙන් ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පාදම කොටසට අවදානම් තත්ත්වයක් මතුව තිබිණ, ඒ බව වේයන්ගොඩ පොලීසිය, අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු අත්තනගල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එම ස්ථානයේ නිධානයක් තිබේදැයි පොලිස් විශේෂ කාර්ය බළකායට සොයාබලන ලෙසය.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධීක්ෂණයෙන්, මහජනතාව ඉදිරියේ නිධානය සොයා කැණීම් කටයුතු ආරම්භ කෙරුණේ පෙරේදා දිනයේදීය. පළමු දිනයේ වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා කැණීම්වලින් කිසිවක් සොයාගැනීමට නොහැකි වූ අතර දෙවන දිනය වූ ඊයේ කැණීම්වලදී විශාල ප්‍රමාණයේ ගලක් සොයා ගැනුණි.

එම ගල ඉවත් කිරීම සඳහා ඊයේ දහවල් දොඹකරයක් ද රැගෙන ආනමුත් එම කටයුතු අවසන් කිරීමට නොහැකි වුණි.කැණීම් කටයුතු සඳහා අත්නගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසර දී තිබුණේ දින දෙකක් පමණක් බැවින් එම කාලය ඊයේ පස්වරුවේ අවසන් වුණි. වේයන්ගොඩ පොලීසිය පැවසුවේ, පසුව යළි අධිකරණයට කරුණු දක්වා කැණීම් සඳහා තවත් දිනයක් ලෙස අද දිනයත් ලබා ගත් බවය.ඒ අනුව තුන්වන දිනටත් නිධානය සොයා කැණීම් කටයුතු අද පෙරවරු 9ට ආරම්භ කෙරුණි. විශාල ප්‍රමාණයේ ගල ඉන් ඉවත් කිරීමට නොහැකි වූ පසුබිමක එය කැබලි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. අනතුරුව ගල් කැබලි මහජනතාව ඉදිරියේ කුඩු කරනු ලැබීය.

ඒ අනුව නිධානයක් හෝ පුරාවිද්‍යා වටිනාකමක් සහිත දෙයක් ඉන් සොයා ගැනීමට නොහැකි වීම නිසා එහි රැස්ව සිටි සියලු රාජ්‍ය නිලධාරීන්ගේ එකඟත්වය අනුව අද පස්වරු 4ට කැණීම් කටයුතු අවසන් කෙරුණි.

එහි සිටි පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් එළැඹෙන අඟහරුවාදා දින අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගන්නා බවය. අනතුරුව රැස්ව සිටි ජනතාවද විසිර ගිය බව අප වාර්තාකරු පැවසීය. මේ අතර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාද අද ප්‍රකාශ කළේ අදාළ ස්ථානයේ කිසිඳු පුරාවිද්‍යාත්මක වටිනා දෙයක් එහි නැති බවයි.

Related posts

கொள்ளுப்பிட்டியில் மர்ம பொதி

Mohamed Dilsad

அலங்காநல்லூர் ஜல்லிக்கட்டு போட்டியை கலக்கிய செந்தில் தொண்டமானின் காளை

Mohamed Dilsad

Trump makes way for Turkish operation in Syria – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment