Trending Newsඑසැන පුවත්දේශීය

උගන්ඩාවේ මුදල් සඟවා ඇතැයි අසත්‍ය ප්‍රකාශ කළ අයට වැඩ වරදින ලකුණු – නාමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවට පනතක්

දේශපාලන වේදිකාවල කරන, අපහාසාත්මක, අසත්‍ය චෝදනාවලට නීතිමය පියවර ගත හැකි ශක්තිමත් නව පනතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ලැම්බෝගිනි 18ක් ඇති බවටත්, උගන්ඩාවට මුදල් ගෙනගිය බවටත් චෝදනා කළ පුද්ගලයන් පසුව තමන් බොරු ප්‍රකාශ කළ බව පිළිගත්තත්, එම චෝදනාවන්ට ලක්වූ පුද්ගලයන්ට ඒ වනවිට සිදුවී ඇති හානිය නිවැරදි කළ නොහැකි බව ද, නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. දේශපාලන භූමියේදී බොරු චෝදනා එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කළ හැකි ආකාරයට නීතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආණඩුවෙන්ද ඉල්ලා සිටින බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දේශපාලන භූමියේදී තමන්ගේ නමට එල්ල වී ඇති බොරු චෝදනා හේතුවෙන් තමන්ට සිදුවී ඇති හානිය නිවැරැදිකර ගැනීමට පෙර එබඳු චෝදනා හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නමට සිදුවී ඇති හානිය නිදොස් කොට නිදහස්කර ගැනීමට තමන් ප්‍රමුඛතාවයක් දී කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Related posts

පොහොර නොමැතිව ගොවීන් දුෂ්කරතාවක

Mohamed Dilsad

Law and Order Ministry notes concerns related to Ampara unrest

Mohamed Dilsad

Overcrowding caused the boat that killed 11 to capsize

Mohamed Dilsad

Leave a Comment