Trending Newsඑසැන පුවත්දේශීය

පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වෙයි.

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ දැනුවත් කිරීමකින් තොරව එම තනතුරට වැඩ බලන ලේකම් වරියක් පත් කිරීමේ හේතුවෙන් බවත් වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්වීම සඳහා එම පරිපාලන නිලධාරින් පස් දෙනකු තරඟයක යෙදී ඇති බවද සඳහන්ය. සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා යන දෙදෙනාම වෛද්‍ය වෘත්තිකයන් වන නිසා සෞඛ්‍ය ලේකම් ධුරයට වෛද්‍යවරයකු නොවන පරිපාලන නිලධාරික පත් කිරීමට රජයේ අවධානය යොමු ව ඇතැයිද පැවසෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වන වත්සලා ප්‍රියදර්ශනී මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම්වරිය වශයෙන් ම පත් කර ඇති අතර ඇය පසුගිය සෙනසුරදා පස්වරුවේ එම ධුරයේ වැඩ භාරගෙන ඇත. ඉකුුත් 19 වැනිදා පත් කරන ලද අමාත්‍යංශ ලේකම්වරුන් අතර සෞඛ්‍ය අමාත්‍යංශය සදහා ලේකම්වරයෙක් අලුතින් පත් නොකළ අතර මහීපාල මහතා එම ධුරයේ කටයුතු කරමින් සිටියේය.

Related posts

போதை பொருளுடன் நபர் ஒருவர் கைது

Mohamed Dilsad

பெண்ணின் வயிற்றில் 19.5Kg நிறையுள்ள கட்டி – வெற்றிகரமாக அகற்றி சாதனை

Mohamed Dilsad

Chris Hemsworth picks up hitchhiker in Australia

Mohamed Dilsad

Leave a Comment