Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වී හිඟයෙන්, මෝල් සියයට 70%ක් වැහිලා. මෙහෙම ගියොත් ඉතුරු ටිකත් වැහේවි – ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

වී හිඟවීමෙන්, රටේ සමස්ත සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් වලින් සියයට හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් වැසි ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. අනුරාධපුර සීදේවි හෝටලයේ දී ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි සභාපති පී.කේ. සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය. ඊට හේතුව පවතින පාලන මිලට සහල් ලබා දීමේ හැකියාවක් නොමැති වීම බව ද ඒ මහතා පෙන්වා දෙයි. එමෙන්ම දිගින් දිගටම සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තය බිඳවැටීමකට ලක්වෙන බවද පී.කේ. සේමසිංහ මහතා සඳහන් කළේය.

වී අලෙවි මණ්ඩලය යළි නඟා සිටුවා එමඟින් මිලදී ගන්නා වී සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට ලබාදී සහල් බවට පරිවර්තනය කර සමූපකාර සහ සතොස ඇතුළු රජයේ අවශ්‍යතාවයන් සඳහා ලබා දී මේ රටේ පාරිභෝගිකයාට සාධාරණ මුදලකට සහල් ලබා දීමට පියවර ගත යුතු බවද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති පී.කේ. සේමසිංහ මහතා මෙසේ ද කීවේය. “රුපියල් 220ක පාලන මිලට සහල් ලබාදීමට නම් වී කිලෝවක් රුපියල් 110ත් 120ත් අතර මුදලකට මිලදී ගැනීමට හැකියාව තිබිය යුතුයි.. නමුත් අද වෙළෙඳපොළේ වී කිලෝවක් 145ත් 148ත් අතර මිල ඉහළ ගොස් තිබෙනවා.. පසුගිය ආණ්ඩු මගින් රටේ සහල් අවශ්‍යතාවය ගණනය නොකොට කොමිස් මුදල් සහ පගාව අපේක්ෂාවෙන් සහල් ආනයනය කිරීමට කටයුතු කළා.. ඒ නිසා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් කර්මාන්තය බිඳ වැටීමට ලක් වුණා.. වත්මන් ආණ්ඩුව එසේ නොකරයි කියා අප තුළ විශ්වාසයක් තිබෙනවා.. කෙටිකාලීන පියවරක් ලෙස සහල් ආනයනය කිරීමට ගත් තීරණයට අපේ විරෝධයක් නෑ.. හැබැයි දීර්ඝකාලීනව සහල් ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් අප ඊට විරෝධය පළ කර සිටිනවා.. පසුගිය රජයන් අනුගමනය කළ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවො දස දහසකට ආසන්න පිරිසක් ගෙවී ගිය දශකය තුළ සිය කර්මාන්ත වසා දමා ඉන් ඉවත් වුණා.. ඒ නිසා අපි නැවත මේ කර්මාන්තය වඩාත් හොඳ තැනකට ගෙන එන්න උත්සාහ කරනව.. මේ වී මෝල් කර්මාන්තය අද වනවිට හත්සියයට ආසන්න සංඛ්‍යාවකට සීමා වී තිබෙනවා.. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියො මේ වනවිට අධික ණය බරින් මිරිකී සිටිනවා.. මේ රටේ සමස්ත වී නිෂ්පාදනයෙන් වැඩි කොටසක් බියර් නිෂ්පාදනයට සහ සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සැළකිය යුතු ප්‍රමාණයක් යනවා.. ඒ නිසා රටේ ජනතාවගේ පරිභෝජනය සඳහා වී නිෂ්පාදනයේ සැළකිය යුතු අඩුවක් තියෙනවා.. ඒ නිසා රට තුළ සහල් හිඟයක් පවතින කාලෙත් බියර් නිෂ්පාදනය සහ සත්ව ආහාර සදහා සහල් යන එක නතර කරන ලෙස අපි රජයට අවධාරණය කර සිටිනවා.. එසේ නොවුණහොත් අපට හැමදාම සහල් ආනයනය කර කන්න වෙනවා..”

Related posts

Dhananjaya de Silva withdraws from West Indies tour after father killed by gunman

Mohamed Dilsad

வெனிசூலா எல்லையில் கலவரம்

Mohamed Dilsad

சரத் அமுனுகம தலைமையில் தேசிய பாதுகாப்பு ஆலாசனை சபை

Mohamed Dilsad

Leave a Comment