Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්ට නොතීසි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) නොතීසි නිකුත් කළේය.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය. 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක ඔහු සැකකරුවකු වශයෙන් නම්කර සිටියි.

Related posts

விவசாயிகளுக்கான கோரிக்கை- விவசாயத் திணைக்களம்

Mohamed Dilsad

இரு வேறு பேருந்து சாரதிகளுக்கும் இடையில் ஏற்பட்ட மோதலில்-தனியார் பேருந்து சாரதி பலி

Mohamed Dilsad

காற்றுடன் கூடிய காலநிலை

Mohamed Dilsad

Leave a Comment