Trending Newsඑසැන පුවත්දේශීය

යාපනයේ කෝඩුකාර පාර්ලිමේන්තු මන්ත්‍රීට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය.

මන්ත්‍රීවරයා විසින් 2021.03.22 දින බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට ලක් කර එහි ගමන් ගත් පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේ සැකකරු අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

මීට පෙර නඩු දිනයේ ද ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණ ද එම වරෙන්තුව ක්‍රියාත්මක වී නැත.

අගතියට පාර්ශවය වෙනුවෙන් නීතීඥ අසංක මෙන්ඩිස්, නීතීඥ ෂෙහාන් රාජපක්ෂ සහ විනුර ජිනදාස යන නීතීඥවරුන් පෙනී සිටියේය.

Related posts

China willing to work with all levels of Govt. and political parties in Sri Lanka

Mohamed Dilsad

Supreme Court rejects Gota’s petition

Mohamed Dilsad

සෝමාවතී පුදබිම ජලයෙන් යටවෙයි

Editor O

Leave a Comment