Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුව වැරැදි දකින, ”ඊ-8 වීසා” රැකියා ගැන මනූෂගෙන් හෙළිදරව්වක්

කොරියානු ඊ8 වීසා ක්‍රමය මෙරටට හිමිවූයේ තමන් පෞද්ගලිකව කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසින් බව වීසා ප්‍රශ්නය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් හිටපු කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ඊයේ [ 25 ] පැවසුවේය.

ඔහු කියා සිටියේ මෙම වීසා ක්‍රමය ක්‍රියාත්මක කළොත් අලුත් රැකියා දහස් ගණනක් ලබා ගත හැකි බවත් මෙම අවස්ථාව මගහැර නොගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ඇමැතිවරයා මෙසේද කියා සිටියේය ”

මම පුද්ගලිකව ගිහිල්ලා මේ අයගෙන් ඉල්ලීමක් කළා මේ ඊ8 කියන වීසා කාණ්ඩය අපිට ලබාදෙන්න කියලා. ඒ අනුව ඔවුන් ලංකාවටත් මේ ඊ8 වීසා කාණ්ඩය ලබා දීමට කටයුතු සූදානම් කළා. ඒ අනුව ඒක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාන්ත වලින්. අපේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපේ නගර සභාවකට හෝ පළාත් සභාවකට වෙනත් රටක් සමග ගිවිසුම් ගත වෙන්න බෑ.

ඒ නිසා ඒ රට අන්තිමේ දී එකඟ වුණා සමාන්‍ය මට්ටමේ එකඟතාවයකින් බඳවා ගැනීම කරන්න අපි කළ ඉල්ලීමට සවන්දීමක් හැටියට. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එක්ව සහා පෞද්ගලික විදේශ සේවා ආයතන සමග එක්ක එම කාර්ය සිදුකිරීමට ඔවුන් එකඟ වුණා.

Related posts

මොරටුව ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධව තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේදී

Mohamed Dilsad

යතුරුපැදි ධාවනයේ දී හැර සෙසු අවස්ථාවල හෙල්මට් පැළඳ සිටින පුද්ගලයන් ගැන පරීක්ෂා කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස්

Editor O

Leave a Comment