Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා මහ වැසි, සුළි කුණාටු, ගංවතුර, අකුණු, ජනතාව ලක්ෂ 02ක් පීඩාවට.

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 27 වැනි දින ත්‍රිකුණාමලයට කිලෝමීටර් 120 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර අද දින ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති අනතුරු ඇඟවීමක් කරතිබේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු -මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයිනේ උතුරු, උතුරු – මැද, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. උතුරු, උතුරු – මැද, මධ්‍යම, බස්නාහිර, වයඹ, දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

එමෙන්ම, වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමද්දි වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පෙන්වා දෙයි. වව්නියාවේ කුඩා වැව්, මධ්‍ය පරිමාණයේ වැව් සහ මහවැව් 600 කට ආසන්න ඇති අතර මේ වන විට සියලුම වැව් වාන් දමමින් තිබේ..

කැළණි ගඟෙහි පෝෂක ප්‍රදේශ වලට ගතවූ පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම ගංවතුර අවධානම පවතියි.

පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 17 අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 127 පවුල් 59629ක අයත් පුද්ගලයන් 207582 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ

Related posts

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

PSC to convene today

Mohamed Dilsad

Christmas important to strengthen reconciliation among communities – President

Mohamed Dilsad

Leave a Comment