ප්‍රමුඛ පුවත 1

රත්‍රන් ජාවාරමේ නිරතවූ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

(උදයම්,ඉන්දියාව)   –  රත්‍රං ජාවාරම්කරුවෙකු ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට ගැනේ.ඔහු ශ්‍රී ලාංකිකයෙකු  බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

මුම්බායි ගුවන් තොටුපළේ දී මෙම ශ්‍රී  ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

සිය සිරුර අභ්‍යන්තරයේ සගවාගෙන තිබු රත්‍රං කැබලි 12ක් මෙහිදී සොයාගෙන ඇත.එහි බර ග්‍රෑම් 505කි.

එම රත්‍රන් වල වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 15ක් වන බව වාර්තාවේ.

සැකකරු 55 හැවිරිදි ශ්‍රී  ලාංකිකයෙකු වන අතර ඔහු කොළඹ සිට ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා කාලයක සිට  මේ නිරත වී ඇති බවට අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

Related posts

හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත්වීමට ලබාදුන් පොදු සමා කාලය අදින් අවසන්

Mohamed Dilsad

මිලියන දෙකකට ආසන්න හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මුහුදේ දිය නෑමට ගිය තරුණයින් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment