Trending Newsඑසැන පුවත්දේශීය

අලියා සහ දුරකථනය අතර සාකච්ඡා – රුවන් විජයවර්ධනගෙන් ප්‍රකාශයක්

එජාපය සහ සජබ එකතු කරන්නට සමගි ජන බලවේගයේ නායකයාට ද අවශ්‍යතාවයක් තිබෙන බවත්, අලියා” නැවත ඉදිරියට ගත යුතු බව ජනතාව මෙන්ම සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන්ද තමා සමඟ සාකච්ඡා කළ බව, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා බියගම ජන හමුවක දී ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීවේය. අපේ බලාපොරොත්තු ඉටු කරගන්නට නොහැකි වුණා. අප මහන්සි වුණත් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලබා ගන්නට නොහැකි වුණා.ජනපතිවරණ පරාජය සමඟ ඉතා අසීරු මහ මැතිවරණයකට අප මුහුණ දුන්නා.අප පරාජයකට මුහුණ දුන්නත් ඉදිරියේදී නැවත පක්ෂය ප්‍රතිසංවිධානය කරගෙන මීට වඩා ශක්තිමත් ලෙස ඉදිරි මැතිවරණ වලට මුහුණ දීමට හැකියාව තිබෙන බවට මට විශ්වාසයක් තිබෙනවා.

රැල්ලක් විදියට අද මාලිමාවේ ආණ්ඩුවක් හැදිලා තිබුණට ඒ අය ගන්න තීන්දු තීරණ දෙස බලන විට පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ නායකතුමා ගෙනගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන බවයි. නමුත් ලබන වසර වන විට ඒ අයට නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දීමට වෙනවා.දැන් සිටම ඔවුන්ගේ වෘත්තීය සමිති වල සිටින අයගේ ඉල්ලීම් වැඩි වෙමින් තිබෙනවා.මූල්‍යමය වශයෙනුත් ලබන වසර වන විට ඔවුන්ට යම් හිරවීමකට ලක්වීමට සිදුවෙනවා.ඒ නිසා ආර්ථිකය ජනතාවගේ මූලික ප්‍රශ්නයක් බවට නැවත පත්වෙන්න නියමිතයි.ඒ අවස්ථාව වන විට අප ශක්තිමත්ව සිටිය යුතුයි.එජාපයේ පමණක් නොව සමගි ජන බලවේගයේ අයත් මා සමග මේ දිනවල කතා කරනවා.මේ පක්ෂ දෙක වෙන්වී පලක් නැති බවත් එකතු විය යුතු බවත් ජනතාවගේ අදහසයි.ඒ දේ කරන්න පුළුවන් වෙිවි යැයි මා සිතනවා.

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ නායකතුමාට ද අවශ්‍යතාවයක් තිබෙනවා.එමෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම මා සමග මේ දිනවන කතා කරනවා.එම නිසා ඒ පක්ෂ දෙක කෙසේ හෝ එකතු කර ගත යුතුයි.

Related posts

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

Traffic lane law to be firmly enforced in 2-weeks from today

Mohamed Dilsad

Mother of two found murdered

Mohamed Dilsad

Leave a Comment