Trending Newsඑසැන පුවත්දේශීය

වට්ස්ඇප් ගිණුම්වෙත අනවසර ප්‍රවේශයන් පිළිබඳ ලැබෙන පැමිණිලි ඉහළට

වට්ස්ඇප් ගිණුම් හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසුවේ, පසුගිය සති කිහිපය තුළ එවැනි ආකාරයේ පැමිණීලි 74ක් පමණ ලැබී ඇති බවයි.

හැකර්වරුන් වට්ස්ඇප් කණ්ඩායම්වලට සම්බන්ධ වී පරිශීලකයන්ගේ ගිණුම් අධීක්ෂණය කරන අතර ගිණුම් හැක් කිරීමෙන් පසු හදිසි අවස්ථාවක් බව පවසා මුදල් බැර කරන ලෙස දුරකථන අංකවලට හදිසි පණිවිඩ යවන බවයි ඔහු සඳහන් කළේය. ඒ අනුව ආගමික වැඩසටහන්, ත්‍යාග දිනා ගැනීම් හෝ අධ්‍යාපනික වැඩසටහන් සඳහා සහභාගී වීමේ වැනි අවස්ථා සඳහන් කරමින් මොවුන් විසින් දුරකතන අංකය වෙත ලැබී ඇති රහස් කේතයක් ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ.

අදාළ පුද්ගලයා එම කේතය ලබා දීම හරහා හැකර්කරුවන්ට ඔවුන්ගේ වට්ස්ඇප් ගිණුම පාලනය කිරීමට හැකියාව ලැබේ. කෙසේ වෙතත් එවැනි පණිවිඩයක් ලැබුණහොත්, මුලින්ම එම ගිණුම අයිතිකරු අමතා තොරතුරු සත්‍ය දැයි තහවුරු කරගත යුතු බවත් වට්ස් ඇප් ගිණුමක් හැක්වී ඇති බව දැනගතහොත් වහාම එම ගිණුම අයිති පුද්ගලයා එහි තිබු අනෙකුත් දුරකතන අංක අමතා ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා

Related posts

Party Leaders’ meeting concludes without decision on Parliament Select Committee [UPDATE]

Mohamed Dilsad

පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Editor O

“No political appointments in state institutes” -Sajith Premadasa

Mohamed Dilsad

Leave a Comment