Trending Newsඑසැන පුවත්දේශීය

ලොහාන් සහ බිරිඳ දෙසැම්බර් 06 දක්වා යළි රිමාන්ඩ්

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවනි ජයවර්ධන මහත්මිය යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද (02) නියෝග කළාය.

බන්ධනාගාරගතව සිටි ලොහාන් රත්වත්තේ මහතා හදිසියේ අසනීප වී කොළඹ ජාතික රෝහලට බන්ධනාගාර රැකවරණය යටතේ මාරු කළ අතර ඔහුට වැලඳි ඇති රෝගය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන දෙසැම්බර් 09 වැනිදාට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝගයක්ද නිකුත් කර කෙරිණ. එම වාර්තාව ද ලබන දෙසැම්බර් 09 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

භාණ්ඩ රැසක මිල සංශෝධනය කිරීමට අවධානය

Mohamed Dilsad

அவசரகால சட்ட யோசனை நிறைவேற்றம்

Mohamed Dilsad

Indian housing project extends to Madakumbura, Vellaioya Estates in Sri Lanka hill country

Mohamed Dilsad

Leave a Comment