Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්ට සිහි කැඳවීමක්

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන් සහ පක්ෂ සිය ආදයම් වියදම් වාර්තා ලබන 06 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට හෝ ඊට පෙර ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. අදාළ වාර්තා දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් විසින් වෙන වෙනම සකස් කර, ඒ ඒ අපේක්ෂකයින් තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරින් වෙත භාර දිය යුතු බවද සඳහන්.

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් සිය වියදම් වාර්තාව මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතු බව සඳහන්. සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ වියදම් වාර්තා ලබා ගැනීම සඳහා සාමාන්‍ය රාජකාරි දිනවල පස්වරු 6.00 දක්වා විශේෂ ඒකක විවෘත තැබීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම දෙසැම්බර් මස 06 වැනිදා අදාළ ඒකකය මධ්‍යම රාත්‍රි 12.00 දක්වා විවෘතව තබන බව ද එම කොමිසම සඳහන් කළා. අදාළ වාර්තා නියමිත දිනට ලබා නොදීම නීතිවිරෝධි ක්‍රියාවකි. එවැනි පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකුලව කටයුතු කරනු බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Canadian court grants bail to Huawei CFO Meng Wanzhou

Mohamed Dilsad

நல்லாட்சி அரசாங்கத்தை ஆராய குழு

Mohamed Dilsad

DMK leader Jagathrakshakan’s family linked to record FDI in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment