Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වත්මන් ආණ්ඩුවට ඉන්දන මිල අඩු කරන්න බැරිනම් පැහැදිලිව කියන්න – හිටපු ඇමති පාඨලී චම්පික රණවක්

තෙල් මිල අඩු කළ නොහැකි නම් ආණ්ඩුව ඒ බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව හිටපු අමාත්‍ය එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. රණවක මහතා මේ බව පැවසුවේ අද (03)‘විදුලි බිල සහ තෙල් මිලට කුමක් කරමුද’ මැයෙන් එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති හමුවේදීය.

විදුලිබල අමාත්‍යවරයා ලෙස තමා කටයුතු කළ 2015 වසරේදී ඩීසල් සහ පෙට්‍රල් මිල සියයට 40 කින් අඩු කළ බවත් එවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාබ ලැබූ බවත් රණවක සඳහන් කළේය.

තෙල් මිලට රුපියල් 50 ක බද්දක් (ඩීසල්) සහ රුපියල් 72 ක බද්දක් (පෙට්‍රල්) ඇතුළත් වන අතර, සියයට 18% ක වැට් බද්දක් ද අය කරන අතර මෙම බදු අඩු කිරීමෙන් තෙල් මිල අඩු කළ හැකි බවත්, එමගින් ආර්ථිකය පුනර්ජීවනය කළ හැකි බවත් රණවක මහතා සඳහන් කළේය.

ආණ්ඩුවට තෙල් මිල අඩු කළ නොහැකි නම් ඒ බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවත්, බදු අඩු කළහොත් ආණ්ඩුව ගෙන යා නොහැකි බව පිළිගත යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා මෙසේ ද කිවේය. “මැතිවරණ වේදිකාවේදී අපිට ඇහුණේ මේවා අඩු කරන්න පුළුවන් කියන කතාව. හිටපු විදුලිබල හා බලශක්ති ඇමති හැටියටත්, 2015 දී අපි ජනතාව ඉදිරියේ පොරොන්දුවක් දුන්නා. අපි අඩු කරලා පෙන්නුවා. ඒ අඩු කරලත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ උපයන තැනක් බවට, ඒ වගේම මූල්‍යමය වශයෙන් ශක්තිමත් තැනක් බවට ඊළඟ අවුරුදුවල අපි පත් කළා. දැන් මොකක්ද තෙල්වල තත්ත්වය? අපි කවුරුත් දන්නවා තෙල් මිල සැදෙන්නේ යම්කිසි ආකාරයක ක්‍රියාවලියක් මගින්. ලංකාවට තෙල් අපි ටෙන්ඩර් පටිපාටියක් මත ගෙන්වනවා. අපි බොරතෙල් ගෙන්නලා සපුගස්කන්දේ පිරිපහදු කරනවා. දැනට ඒ කටයුත්ත හුඟක් අඩපණ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කෙලින්ම ඩීසල්, පෙට්‍රල් මිලදී ගන්නවා. අයි.ඕ.සී. එකත්, සිනොපෙක් එකත් ඒ විදිහට තමයි ක්‍රියා කරන්නේ. එතකොට එහෙම ගේන පෙට්‍රල්, ඩීසල් වලට යම් ප්‍රිමියම් එකක් එනවා. ඒක වෙළඳපොළේ තියෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්. ඊට පස්සේ අපි කවුරුත් දන්නවා වරායට ගොඩබැහුවට පස්සේ අපිට තියෙනවා, එහෙම නැත්නම් CIF එක. CIF කියන්නේ Cost, Insurance and Freight. අන්න ඒ අගය ආවට පස්සේ, ඒ අගයට බදු එනවා ආණ්ඩුවෙන්. සැප්තැම්බර් මාසේ මිල ගණන් ගැන බැලුවහම සාමාන්‍යයක් හැටියට මම මේ කියන්නේ. සිපෙට්කෝ එක එක ගානකට ගෙනල්ලා තියෙනවා. නමුත් බදු අය කරලා තියෙනවා පෙට්‍රල් වලින් රුපියල් 110 ත්, 117 ත් අතර මේ සමාගම් තුනෙන්ම රජය. ඒ වගේම බදු අය කරලා තියෙනවා ඩීසල් වලින් රුපියල් 88 ත්, 94 ත් අතරේ මේ සමාගම් තුනෙන් වෙන් වෙන් වශයෙන්. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 115 ක් පමණ පෙට්‍රල් වලිනුත්, රුපියල් 90 ක් පමණ ඩීසල් වලිනුත් බදු අය කරනවා. දැන් එතකොට මේ ගාන අඩු කළහම සමාගම්වලට ගෙවන්න තියෙනවා කියන්නේ මොකක්ද?” යනුවෙන් හිටපු අමත්‍යවරයා සඳහන් කළේය.

Related posts

IMF agrees to loan up to USD 50 billion for Argentina

Mohamed Dilsad

“Digital Economic Policy will be implemented in 2017” – Minister Harin Fernando

Mohamed Dilsad

Sri Lanka start training together ahead of ICC Champions Trophy [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment