Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රත්න සහල් අධිපතිගෙන් ඇමතිට හැරෙන තැපෑලෙන් පිළිතුරු. පොලී නැතුව ණය දෙන බැංකුව ගැනත් අහයි.

සඟවා ගෙන ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එම චෝදනා කිසිදු පදනමක් නැති අසත්‍ය චෝදනා බවත්,  රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා පවසයි.

තමන් කිසිම බැංකුවකින් පොලී නොමැතිව ණය මුදල් ලබා ගෙන නැති බවත් එවන් බැංකුද නැති බවත් හෙතෙම කියා සිටී. පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කළ ප්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් මිත්‍රපාල මහතා පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

“මම කියනවා වෙළඳ ඇමතිතුමාට මගේ ආයතනයට ඇවිල්ලා පරික්ෂා කරන්න. ඔබතුමාගේ නියෝජිතයෙක් එවන්න මම පටවන හාල් ගාන මම නිෂ්පාදනය කරන හාල් ගාන මගේ ළඟ තියෙන වී තොග පිළිබඳව මම ඔප්පු කරලා පෙන්නනවා. එතුමා කියලා තිබුණා මම බැංකුවෙන් සල්ලි ගන්නේ පොලී නැතුව කියලා.

අපි වී අරගන්නවා අපි බැංකුවෙන් සල්ලි අරගන්නව බැංකුවේ සල්ලි ගෙවන්න ඕන ආපහු මොකද වී ස්ටොක් එකක් තියාගෙන බැංකුවේ සල්ලි ගෙවන්න බැහැ. වී ටික අරගෙන සහල් නිෂ්පාදනය කරලා සහල් වෙළඳපලට යවලා ඒ සල්ලි ගෙනල්ලා.අපි බැංකුව නිදහස් කරන්න ඕනේ. නැත්තං සල්ලි වලට පොලිය හැදෙනවා.

මම මේ ප්‍රකාශනය කරේ පාර්ලිමේන්තුව කියන්නේ සියලු දෙනා බලන තැනක් ඉතින් ඒ නිසා ඒක නිවැරදි කරන්න තමයි මේ දේ කළේ. ඕනෑම ආයතනයක සහල් හංගල තියාගැනීමක් නැහැ හංගගෙන තියාගෙන ඉඳලා තේරුමක් නෑ.

ගොයම් කැපුනාම අපි වී ටික රැස් කරන්න ඕනෙ අවුරුද්ද පුරාම සහල් දෙන්න ඉතිං එහෙම වී තිබුණොත් තමයි සහල් දෙන්න පුළුවන්. මා ළඟත් මාස දෙකකට ඇතිවෙන්න වී තියෙනවා.දවසින් දෙකෙන් කොටන්න බෑ මොකද පෙබරවාරි වෙනකල් මම හාල් යවන්න ඕනේ. එක මාස දෙකෙන් කොටලා මම ඊගාවට මොකද කරන්නේ ?

Related posts

அரசாங்கத்தை எம்மிடம் ஒப்படைத்துவிட்டு -இந்த அரசாங்கம் நாளைக்கு வேண்டுமானாலும் வீட்டுக்குச் செல்லலாம்

Mohamed Dilsad

“Islamic State seeking alliance with al Qaeda,” Iraqi vice President says

Mohamed Dilsad

கொல்கத்தா நைட்ரைடர்ஸ் அணி வெற்றி

Mohamed Dilsad

Leave a Comment