Trending Newsඑසැන පුවත්දේශීය

සහල් සඳහා උපරීම සිල්ලර මිල ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරයි.

සහල් සඳහා උපරීම සිල්ලර මිලක් නියම කර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසත් සඳහන්.

දේශීය නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක් වන අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. දේශීය කීරිසම්බා කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 255ක් වන අතර උපරිම සිල්ලර මිල රුපියල් 260ක්.

මේ අතර ආනයනික සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක් සදහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් වන අතර ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 220ක්. ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 230කි.

එම ගැසට් නිවේදන දෙක පහතින්.

Related posts

இலங்கைக்கு ஷரிஆ பல்கலைக்கழகங்கள் அவசியம் இல்லை-பிரதமர்

Mohamed Dilsad

ஜனாதிபதி மைத்ரிபால சிறிசேனயின் தலைமையில் கலாபூசணம் அரச விருது விழா இன்று

Mohamed Dilsad

இலங்கைக்கு சீன அரசாங்கம் விதித்திருந்த தடையில் தளர்வு

Mohamed Dilsad

Leave a Comment