Trending Newsඑසැන පුවත්දේශීය

රියදුරු බලපත්‍රය වෙනස් කිරීමේ තීරණයක්

දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී ඇති අතර අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම් සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන මෙම ඩිජිටල් රියදුරු බලපත්‍රය ඉක්මනින් හඳුන්වා දීමට නියමිතය. ඩිජිටල් රියදුරු බලපත්‍රය නිකුත් කරන තුරු දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

Related posts

Sarath Kumara Gunaratne released on bail

Mohamed Dilsad

අද විදුලිය කප්පාදු කාලසටහන මෙන්න

Mohamed Dilsad

எமது காலத்தில் இவ்வாறான ஒரு நிலைமை காணப்படவில்லை

Mohamed Dilsad

Leave a Comment