Trending Newsඑසැන පුවත්දේශීය

කතානායක ආචාර්යය අශෝක රංවලගේ ආචාර්යය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කළේ ඇයි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ කතානායක ආචාර්යය අශෝක රන්වල මහතාගේ නම ඉදිරියෙන් මුලින් යොදා තිබූ ‘ආචාර්ය’ කොටස ඉවත් කර තිබේ. වෙබ් අඩවියෙහි පෙර දිනවල කතානායක නම ඉදිරියේ ‘ආචාර්ය’ (Dr) ලෙස සඳහන්ව තිබින.

කතානායක ආචාර්යය අශෝක සපුමල් රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් අසත්‍ය බවට සමාජ ජාලාවල දිගින් දිගටම චෝදනා එල්ල වූ පසුබිමක ජාතික ජනබලවේගයේ ඉදිරිපෙළ මතවාදී පිරිස්ද කියා සිටියේ එල්ල වන චෝදනා සත්‍ය නම් කතානායකවරයා ඉල්ලා අස්විය යුතු බවත් නැතහොත් පක්‍ෂය විසින් ඔහු ඉවත් කළ යුතු බවත්ය. කෙසේ නමුත් කතානායක ආචාර්යය අශෝක රංවල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් ඉල්ලා තොරතුරු ඉල්ලීමක් ද මොරටුව විශ්වවිද්‍යාලය වෙත ඉදිරිපත් කර ඇති බවට අප කළ සොයා බැලීමේ දී කරුණු අනාවරණය විය.

කතානායකවරයා ආචාර්යය අශෝක රංවල මහතා, ඊට ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ අදාළ චෝදනාවලට පිළිතුරු සැපයීම අත්‍යවශ්‍ය නොවන බවත් තමන් මොරටු විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හා ජපානයේ වසේදා විශ්ව විද්‍යාලෙන් ආචාර්ය උපාධියත් ලබාගෙන ඇති බවයි.

Related posts

ජනවාරියේ විදුලි බිලට සහනයක්

Mohamed Dilsad

තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වෙයි [LETTER]

Mohamed Dilsad

දුම්රිය රියදුරු වැඩ වර්ජනයක්..?

Editor O

Leave a Comment