Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

හාල් නැව ඇවිල්ලා

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ (11) දිනයේ රේගුවෙන් මුදාහැරීමට කටයුතු කිරීමෙන් අනතුරුව එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබේ. ඒ අනුව, ඊයේ (11) දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර ඇති බවයි, වාර්තා වන්නේ.

රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුන්නේය. ඒ අනුව, ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර සම්බා සහ සුදු කැකුළු සහල් තොගයක් ඉන්දියාවේ සිට මෙලෙස ආනයනය කර ඇති බව සඳහන්ය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ, අද (12) සහ හෙට (13) යන දෙදින තුළද තවත් සහල් තොග දිවයිනට ළඟාවීමට නියමිත බවයි.

Related posts

ஊடகவியலாளரை தகாத வார்த்தைகளால் தூற்றிய சம்பவம்! -ஜோன் அமரதுங்கவிற்கு கண்டனம்!

Mohamed Dilsad

උත්සව සමයේදී සහල් සඳහා උපරිම මිලක්

Mohamed Dilsad

බස් රථවල මගීන් ආසන ගණනට පමණක් ප්‍රවාහණය කිරීමට නීතියක්

Mohamed Dilsad

Leave a Comment