ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

(උදයම්,කොළඹ)   –  කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට(24) රාත්‍රී 10.00 සිට පසුදින සවස 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.ජල නල අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්  මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නවා දෙයි.

 ඒ අනුව කොළඹ 02 සහ කොළඹ 03 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව තිඹිරිගස්යාය , හැව්ලොක් පාර, කොළඹ 08 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

සැකකරුවන් පිරිසක් පලා ගිය වෑන් රථයකට පොලිසියේ වෙඩි

Mohamed Dilsad

ඇමති කබීර් හෂීම් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment