Trending Newsඑසැන පුවත්දේශීය

කතානායක ආචාර්යය අශෝක රංවල ට එරෙහිව , විපක්ෂයෙන් විශ්වාසබංගයක්

තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ වත්මන් කථානායක ආචාර්යය අශෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද (13) කටයුතු ආරම්භ කළේය.

වත්මන් කථානායකවරයා පසුගිය මැතිවරණයට තරග කිරීමට පෙර ද, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අවස්ථාවේ දී ද, පාර්ලිමේන්තුවට තේරී පත්වී කථානායක ධුරයට තෝරා පත්කර ගන්නා අවස්ථාවේදී ද කථානායක ධුරයේ රාජකාරී භාරගත් පසුව ද ඔහු වෙත නොමැති මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබාගත් රසායනික ඉංජිනේරු විද්‍යා පිළිබඳ බීඑස්සී උපාධියක් ද, ජපානයේ වසේදා සරසවියෙන් ලබාගත් ආචාර්ය උපාධියක් ද ඇති බව හුවා දක්වමින් ඔහුගේ නම සමග ආචාර්ය යනුවෙන් භාවිත කර ඇති නිසා ද මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් විරෝධයක් එල්ලවන අවස්ථාවේදී හා තොරතුරු විමසීමේ දී නිහඬව සත්‍ය වසන් කර ඇති නිසා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය පවසයි.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුනාතිලක, පා.ම. ජේ. සී අලවතුවල, අජිත් පී පෙරේරා, සුජිත් සංජය පෙරේරා, චතුර ගලප්පත්ති, ජගත් විතාන සහ හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කරනු ලැබීය.

Related posts

බෝගම්බර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියා අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

Editor O

බන්ධනාගාර රැඳවියන්ගේ උපවාසය අවසන්

Mohamed Dilsad

Leave a Comment