Trending Newsඑසැන පුවත්දේශීය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

පෙර වසරේ සහ මෙම වසරේ (2023-2024) තක්සේරු කළ හිඟ බදු ලබන 26 වැනි දාට පෙර ගෙවන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

එහි කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ, එම දිනට පෙර බදු ගෙවීමට අපොහොසත් වන පුද්ගලයින්ට හා සමාගම් වලට කිසිදු දඩ සහනයක් හිමිනොවන බවයි. මෙතෙක් නොගෙවූ ස්ව-තක්සේරු බදු හා හිඟ බදු අය කර ගැනීම සඳහා ක්ෂේත්‍ර සමීක්ෂණ සහ දේශීය ආදායම් අණ පනත් අනුව නීතිමය කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

ඔවුන්ට එරෙහිව 2025 වසරේ ජනවාරී මාසයේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඇය සඳහන් කළේ. එලෙස බදු නොගෙවන පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වලින් පෙර දැනුම්දීමකින් තොරව මුදල් අය කර ගැනීමට නියමිතයි. ඊට අමතරව හිඟ බදු මුදල් ප්‍රමාණය අනුව අපරාධ නඩු පැවරීමට පියවර ගන්නා බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.

Related posts

බීවයිඩී වාහන ගැන අධිකරණය දුන් නියෝගය

Editor O

Bolivia’s Morales to call fresh election after OAS audit

Mohamed Dilsad

නල්ලතන්නිය මරේ වතුයායේ නායයෑමේ අවධානමක්..?; පවුල් 73ක් සුරක්ෂිත මධ්‍යස්ථානයකට

Editor O

Leave a Comment