Trending Newsඑසැන පුවත්කලාදේශීයවිදෙස්

ලොව විශිෂ්ඨතම තබ්ලා හඬක් නිහඬ වෙයි.

ලොව විශිෂ්ඨතම තබ්ලා වාදකයෙකු වන, ඉන්දීය කලාකරු සාකීර් හුසේන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 කි. ඔහුගේ පවුලේ පිරිස් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, සැන් ෆ්‍රැන්සිස්කෝ හි රෝහලකදී අවසන් ගමන් ගිය සාකීර් හුසේන්ගේ මරණයට හේතුව පෙනහළු රෝගයක් වන බවයි.

සිව් වතාවක් ග්‍රැමී සම්මානය දිනූ, සාකීර් හුසේන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතයේ සුවිශේෂී සලකුණකි. ඉන්දියාවේ දෙවන ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂන සම්මානයෙන් ද ඔහු පිදුම් ලබා ඇත. සාකීර් හුසේන්ගේ පියා, තබ්ලා විශාරද උස්තාද් අල්ලා රඛා ඛාන් ය. ඉන්දීය වාර්තාවන්ට අනුව, සාකීර් හුසේන් සිය පළමු ප්‍රසංගය පවත්වා ඇත්තේ වයස අවුරුදු හතේදී යි.

Related posts

ஒன்றிணைந்த தபால் தொழிற்சங்க ஊழியர்கள் நாளை நள்ளிரவு முதல் சுகயீன விடுமுறை போராட்டம்

Mohamed Dilsad

Adjournment debate on China funding for Rajapaksa campaign today

Mohamed Dilsad

Sri Lanka urges India and Pakistan to maintain the peace

Mohamed Dilsad

Leave a Comment