Trending Newsඑසැන පුවත්දේශීය

එප්පාවල පොස්පේට් නිධියට ආණ්ඩුව කරන්න යන දේ.

සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය සඳහා එප්පාවල පොස්පේට් නිධිය භාවිත කිරීමට , කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, දැනට පොස්පේට් නිධිය අමුද්‍රව්‍යක් ලෙස මෙරට පොහොර නිෂ්පාදකයින්ට ලබා දෙන බව අමාත්‍යාංශය පවසයි.

එප්පාවල පොස්පේට් නිධිය අක්කර 500ක් පුරා විසිරි පවතී..‍ එම පොස්පේට් නිධිය ඵළදායීව භාවිත කිරීම තුළින් සිංගල් සුපර් පොස්පේට් රටතුළම නිෂ්පාදනයට අවස්ථාව උදාවන අතරම ඒවා ආනයනය මගින් ද ආදායමක් ලබා ගත හැකි බවත්, වාර්ෂිකව ත්‍රිත්ව සුපර් පොස්පේට් ආනයනය සඳහා රජය වැය කරන මුදල රුපියල් බිලියන 8ක් පමණ බවත්, අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව ආයෝජකයෙකු හරහා ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බවත්, ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවද, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළට

Mohamed Dilsad

இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

பொலிஸ் OIC க்கு லஞ்சம் கொடுக்க முற்பட்டு சிக்கிக் கொண்ட நபர்

Mohamed Dilsad

Leave a Comment