Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට කට උත්තර නැතිවෙන්න අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කළ විපක්ෂ නායක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සහතික සියල්ල රැගෙනවිත් අද (18) ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කියා සිටියේය.

සෙන්රිජෙට් කොන්වන්ට් එකේ මම පෙර පාසල් ගියා. ඉන් පසුව ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයට ගියා. පසුව රාජකීය විද්‍යාලයට ගියා.

මේ රටේ ඕලෙවල් විභාගයට මුහුණ දුන්නේ නැහැ. මා කාලයක් කනිටු ශිෂ්‍ය නායකයෙක් විදියටත් හිටියා.ඉන් පසුව එංගලන්තයේ මිල් හිල් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. එහිදී ඕලෙවල් විභාගයට පෙනී සිට එය සමත් වුණා. ඒ කියන්නේ මා පෙනී සිටියේ ලන්ඩන් ඕලෙවල් විභාගයට. මිල් හිල් විද්‍යාලයේ උසස් පෙළ විෂයට මා ත්‍යාග ලබා තිබෙනවා. බී දෙකක් සහ සී දෙකක් මට උසස් පෙළ ප්‍රතිඵල තිබෙනවා.

ඒ ප්‍රතිඵල මුල් කරගෙන එංගලන්තයේදී උපාධිය හදෑරුවා. ඉන් පසුව ඇමරිකාවේදී මාස්ටර් උපාධිය සඳහා තෝරා ගැනෙනවා. නමුත් මගේ පියාගේ අභාවයෙන් පසුව මේ රටට එන්න තීරණය කළා. ඒ නිසා එය සම්පූර්ණ කරගන්නට බැරි වුණා.

ඇමරිකාවේ මාස්ටර් උපාධිය හදාරනරන සමයේ එහි සෙනෙට් සභිකයෙක් ළඟ ස්වේච්ඡාවෙන් වැඩ කළා. නැවත ලංකාවට පැමිණ දේශපාලන කටයුතු කරන අතරතුර 2021 2022 වසර වල මා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා.

ඒ මාස්ටර් උපාධියක් සඳහා. එහිදී දැන් අගමැතිවරිය වන හරිනි අමරසූරිය පැවැත්වූ වැඩසටහන් කීපයකටත් සහභාගී වුණා. එතුමිය හොඳ ගුරුවරියක්. හැබැයි මේ දේශපාලන කටයුතු නිසා ඉගෙනීමේ කටයුතු එක දිගට ක්‍රියාත්මක කිරීම අසීරු කාර්යයක් වුණා. කරුණු බොරු නම් මන්ත්‍රීකමෙන් මෙන්ම විපක්ෂ නායකකමින් ඉවත් වන්න මා සූදානම්. මම නිකමට උප්පැන්න සහතිකයත් අරගෙන ආවා. කවුරු හරි ප්‍රශ්න කළොත් පෙන්වන්න

Related posts

நாணய சுழற்சியில் அவுஸ்திரேலியா அணி வெற்றி

Mohamed Dilsad

SLFP-SLPP agreed to 27 key policies -Dayasiri Jayasekera

Mohamed Dilsad

President presents Air tickets for the students participating in the 12th Asia Pacific Conference on Tobacco

Mohamed Dilsad

Leave a Comment