Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂගෙන් ඇමති වසන්තට අභියෝගයක්

තමන් නීති විද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිටියේ වායුසමනය කළ කාමරයක වෙනම සිටිමින් බව ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවත් එසේ ඔප්පු කළ නොහැකි වුවහොත් එම චෝදනාව එල්ල කළ වසන්ත සමරසිංහ මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“යම්කිසි චෝදනාවක් තියෙනවා නම් අධිකරණ ඇමතිතුමනි, ඔප්පු කරන්න. මේ අපහාසය එල්ල වෙන්නෙ නාමල් රාජපක්ෂට නෙවෙයි, ලංකාවේ නීති විද්‍යාලයට, නීති ක්ෂේත්‍රයට. මම ඔබතුමාගෙන් ඉල්ලන්නෙ මේ කාරණාව හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කටයුතු කරන්න. මම තනියම ඒසී කාමරයක විභාගය ලිව්වා කියලා ඔප්පු කරන්න. ඔප්පු කළොත් මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා, නැත්නම් ඔබතුමා ඇමතිකමෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

වසන්ත සමරසිංහ ඇමතිවරයා විසින් එල්ල කළ චෝදනාවලට ඊයේ (18) පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එසේ පැවසීය.

ඇමති වසන්ත – හරි හරි. බොහෝම හොඳයි. හැන්සාඩ් එකේ තියෙන්න ඕනෙ. එතුමා තනියම නෙවෙයි කියනවානෙ, තනියම නෙවෙයි නම් මෙතුමාට විභාග ප්‍රශ්න පත්තරේ ලියපු කෙනාත් ඉන්න ඇති සමහරවිට. කොමර්ෂල් ලෝ එකට ලකුණු 99ක් අරන් තියෙනවා

එහිදී අදහස් දක්වූ නාමල් රාජපක්ෂ මහතා : මම විභාගෙ ලිව්වාට මම නෙවෙයි පේපර් එක හැදුවෙ. පේපර් එක මාක් කළෙත් අපෙ තාත්තා නෙවෙයි. ඒ හින්දා කරුණාකරලා නීති විද්‍යාලයෙන් මේ පිළිබඳ පරීක්ෂණයක් කරලා ඔබතුමා මේ පාර්ලිමේන්තුව වගේම රට දැනුවත් කරන්න. අනිත් පැත්තෙන් කිව්වානෙ උපාධියක් ගැන මම ඉන්දියාවෙ කළා කියලා. මං හිතන්නෙ අතිගරු ජනාධිපතිතුමාගෙ ඉන්දියන් සංචාරය එක්ක මෙතුමාට පටළැවිලා. මොකද මගේ උපාධිය තියෙන්නෙ එංගලන්තයේ සිටි විශ්වවිද්‍යාලයේ. පාර්ලිමේන්තුවෙන් මම අවසර දෙන්නම් ඒ විශ්වවිද්‍යාලයට ලියලා මගේ උපාධිය පිළිබඳ සනාථ කරගන්න. නාමල් රාජපක්ෂ ඉස්සරහින් මට නැති දොස්තරකමක් මම දාගෙන නෑනෙ” යැයි කීවේය.

Related posts

நாளை முதல் காலநிலையில் மாற்றம்

Mohamed Dilsad

ඉන්දියාවට බෝට්ටුවෙන් යන්න

Editor O

FCID to produce facts on Wijeweera & Seneviratne in Court

Mohamed Dilsad

Leave a Comment