Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ආනයනය ඉහළගියොත් බදු පනවනවා – මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලටත් වැඩියෙන් විදේශ සංචිත ගොඩ නැගීමට මහ බැංකුව සමත් වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පුවත්පත් කතුවරුන් අමතමින් පැවසීය. ඒ අනුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් දක්වා විදේශ සංචිත වර්ධනය කරගෙන ඇති බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

වාහන ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පුවත්පත් කතුවරු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටි අතර වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර ඇති බව ද ඔහු කියා සිටියේය.

ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේදී වාහන ආනයනය කිරීම අවශ්‍ය දෙයක් බව ද වාහන ආනයනය කිරීම වැඩියෙන් සිදුවෙනවා නම් බදු පැනවීම වැනි ක්‍රියාමාර්ග මගින් රජයට එය පාලනය කිරීමේ හැකියාව තිබෙන බව ද මහ බැංකු අධිපතිවරයා කිවේය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය ඊයේ මහ බැංකු මූලස්ථානයේදී පුවත්පත් කතුවරුන් හමු වූ අතර රටේ මූල්‍ය හා ආර්ථික සාක්ෂරතාව සම්බන්ධයෙන් පුවත්පත් කතුවරුන් සමග මහ බැංකු අධිපතිවරයා මෙහිදී සාකච්ඡා කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින

Related posts

WWE star John Cena tries hand at cricket

Mohamed Dilsad

තිලිණි ප්‍රියමාලි ගණුදෙනුවට පරීක්ෂණයක් ඉල්ලා ගම්මන්පිල සී.අයි.ඩී.යට

Mohamed Dilsad

​ஷாபி விவகாரம்; முறைப்பாடளித்த பெண்களை எச்.எஸ்.ஜீ உட்படுத்துவதில் சிக்கல் இல்லை

Mohamed Dilsad

Leave a Comment