Trending Newsඑසැන පුවත්දේශීය

සීඅයිඩීය, ආචාර්යය පට්ටමක් ගැන පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි. සභා නායක කාර්යාලයෙන් ආචාර්යය පට්ටම දුන් බව අනාවරණය වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පාර්ලිමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ. ඒ අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ නාමය යෙදීම සම්බන්ධයෙන් ඔහු විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් අනුවය. ඊයේ (19) පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

පොලිස් නිලධාරින් පාර්ලිමේන්තු වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමට මුල් කරගත් ලිපි කිහිපයක් ද ඔවුන් බාරයට ගෙන ඇත. මේ අතර වාර්තා වන්නේ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක එසේ සඳහන්ව තිබු නිසා බව භා සභාලේඛන කාර්යාලයේ ප්‍රධානීන් විසින් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට භාරදී ඇති වාර්තාවේ සඳහන් වන බවද දැනගන්නට ඇත.

Related posts

කොරෝනා නීති කැඩූ සම්බාහන මධ්‍යස්ථාන වටලයි

Mohamed Dilsad

පක්‍ෂ ලේකම්වරු සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

SP Ruwan Gunasekara appointed Police Spokesperson

Mohamed Dilsad

Leave a Comment