Trending Newsඑසැන පුවත්දේශීය

බැංකු සමග ගනුදෙනු කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යය කෙරේ.

ඉදිරියේ දී වානිජ බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා.

එමෙන්ම මේ වනවිටත් ජාතික හැඳුනුම්පත් අංකය ලබා නොදී ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කර ඇත්නම් මේ මස 31 වනදාට පෙර තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බැංකු වෙත ලබාදෙන ලෙසයි එම ගිණුම් හිමියන්ට දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඇතැම් ගිණුම් හිමියන් ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවට විදෙස් ගමන් බලපත් අංකය, රියදුරු ගමන් බලපත්‍ර අංකය ලබා දී බැංකු ගිණුම් විවෘත කර ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයක් නොවන පුද්ගලයෙකුට වලංගු විදෙස් ගමන් බලපත්‍ර අංකය ලබා දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුම් විවෘත කිරීමේ හැකියාව පවතිනවා.

යම් වානිජ්‍ය බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් කඩා වැටීමට ලක්වුවහොත් වන්දි ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය අත්‍යවශ්‍ය බව මහ බැංකුව පවසනවා.

Related posts

The Health Minister directs to focus on dengue mosquitoes

Mohamed Dilsad

யூ.டிவி ஊடகவியலாளர்களை அச்சுறுத்திய இனந்தெரியாத குழுவினர்

Mohamed Dilsad

வயிற்று வலியால் துடித்த குழந்தையின் வயிற்றில் குவிந்து கிடந்த பொருட்கள்! அதிர்ச்சியில் மருத்துவர்கள்?

Mohamed Dilsad

Leave a Comment